Wednesday, April 17, 2024

General line - 0115112241

කොරෝනාවෙන් බේරෙන්න මඩ නාන්න දෙහි කන්න කියූ ඉන්දීය මන්ත්‍රීටත් වෛරසය ආසාදනය වෙයි (VIDEO)




නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා ප්‍රතිශක්තිකරණය වර්ධනය වීමට මඩ නෑම සහ දෙහි ආහාරයට ගැනීම යෝග්‍ය බවට ප්‍රචාරය කළ ඉන්දීය මන්ත්‍රීවරයෙකුට වෛරසය ආසාදනය් වී තිබෙන බවට තහවුරු වී ඇත.

උතුරු රාජස්ථානය නියෝජනය කරනු ලබන සුක්බීර් සිං ජානුප්‍රියා නම් මන්ත්‍රීවරයා ඇතුළු මන්ත්‍රීවරුන් 24 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුයේ පසුගිය 14 වෙනිදා එරට පාර්ලිමේන්තු සැසි වාරය ඇරඹීමට පෙර සිදුකළ PCR පරීක්ෂණයේදීය.

මිට මාසයකට පෙර සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ මතභේදාත්මක වීඩියෝවක් නිකුත් කරමින් එම මන්ත්‍රීවරයා කියා සිටියේ මඩ නෑමෙන් සහ දෙහි ආහාරයට ගැනීමෙන් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය ළඟා කර ගත හැකි බවයි.