Friday, March 29, 2024

General line - 0115112241

පාදාගොඩ ආමි ශිවා අත්අඩංගුවට




සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මාකඳුරේ මදූෂ්ගේ සමීපතමයෙකු අළුත්ගම ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගිනි අවියක් සහ තවත් ආයුධ කිහිපයක් ද සමගයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විශ‍්‍රාමික යුද හමුදා සාමාජිකයෙකු වන ‘‘පාදාගොඩ ආමි ශිවා’’ නමැත්තෙක්.

මීට පෙර ද සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මාකඳුරේ මදූෂ්ගේ සමීපතමයින් කිහිපදෙනෙකුම දිවයිනේ විවිධ ප‍්‍රදේශවලදී අත්අඩංගුවට ගැනුණා.

මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ ජාවාරම්වලට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින්ගේ සමීපතමයින් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකෙරෙන මෙහෙයුම් තවදුරටත් කි‍්‍රයාත්මකයි.