Friday, March 29, 2024

General line - 0115112241

අඩු ආදායම් පවුල්වල නිවාස සිහිනය සැබෑ කරන්න ආණ්ඩුවෙන් සැළසුම්




රටටම ඇති පොදු ප‍්‍රශ්නය කිසිවෙකු වැඩ නොකිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම පවතින මන්දගාමී කි‍්‍රයාකාරීත්වය කණගාටුවට කරුණක් බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ ග‍්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ ඊයේ (17) පස්වරුවේ පැවැති සාකච්ඡාවකදීයි. 

දිස්ත‍්‍රික්ක මට්ටමින් නිවාස ඒකක 1500 ක් සහ 2024 වසර අවසානයට පෙර අඩු ආදායම් ලාභී පවුල් 70,100 කට නිවාස ලබාදීමට අපේක්ෂා කරන බවයි එම සාකච්ඡාවට එක්වූ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ සඳහන් කළේ.

ඉදිකිරීම්, රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සහභාගීත්වයෙන් සිදු කෙරෙන අතර නිවාස මිලදී ගැනීමට දිගුකාලීන ණය පහසුකම් ලබාදීමට තීරණය කර ඇති බව ද ඔහු මෙහිදී සඳහන් කළා.