Thursday, April 25, 2024

General line - 0115112241

මංතීරු නීතියට විරෝධය පාමින් කොළඹ බස් ධාවනයෙන් ඉවත් වෙයි




එළඹෙන සඳුදා දින කොළඹ බස්රථ රියදුරන් බස් ධාවනයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

මංතීරු නීතියට එරෙහිව එලෙස බස්රථ ධාවනයෙන් ඉවත්වීමට කොළඹ බස්රථ රියදුරන් තීරණය කර ඇති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න නෙත් නිවුස් පැවසුවේ. 

මංතීරු නීතිය හේතුවෙන් බස් කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

බස් ප්‍රමුඛතා මංතීරුව දැන් අහෝසි වී කාර් ප්‍රමුඛතා මංතීරුව නිර්මාණය කර ඇති බවද  ඔහු සඳහන් කළා.