Thursday, April 25, 2024

General line - 0115112241

බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්වලින් සැකකරුවන් 355 දෙනෙකු අත්අඩංගුවට




බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදුකරන ලද විශේෂ වැටලීම්වලදී සැකකරුවන් 355 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ උදෑසන 06 සිට අද අලූයම 05 දක්වා කාලය තුළ මෙම වැටලීම් සිදුකර ඇති බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතර හෙරොයින් සන්තකව සිටි පුද්ගලයින් 143 දෙනෙකු, ගංජා සන්තකව සිටි පුද්ගලයින් 65 දෙනෙකු, නීතිවිරෝධී මත්පැන් සන්තකව සිටි පුද්ගලයින් 106 දෙනෙකු සහ අයිස් මත්ද්‍රව්‍ය සන්තකව සිටි පුද්ගලයින් 10 දෙනෙකු වන බව ද බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.