Tuesday, April 23, 2024

General line - 0115112241

විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නගේ ඇප අයදුම ප්‍රතික්ෂේප වෙයි 

අධිකරණ වාර්තාකරු




පුද්ගලයන් 11 කු පැහැර ගෙන යාමට අදාළ නඩුවේ සාක්ෂිකරුවන්ට මාධ්‍ය සාකච්ඡාවකදී බලපෑම් කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන  නීතිඥ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න ඇප මත මුදාහරින ලෙසට ඉල්ලා ගොනු  ඇප අයදුම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියෝග කර ඇත.

විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ  පනත යටතේ ගැනෙන වැරදි කර ඇති බවට චෝදනා ලැබ සිටියි.

තමා රක්ෂිත බන්ධනාගාර ගත වීම හේතුවෙන් සිය දියණියගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වී ඇති බවත් එම කාරණය සුවිශේෂී කාරණයක් ලෙසට සලකා ඇප ලබා දෙන ලෙසට අජිත් ප්‍රසන්න ගේ නීතිඥවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් සිදු කර ඇත. එම කාරණය ඇප ලබා දීමට තරම් සුවිශේෂ කරුණක් නොවන බවට විනිසුරු අචල වෙන්ගප්පුලි මහතා සහ විනිසුරු  ප්‍රියන්ත ප්‍රනාන්දු තීන්දු කරන ලදී.

සැකකරුවන් පසුගිය වසරේ දෙසැම්බර් මස 6 වනදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් එම නඩුවේ වින්දිතයන්ට හා සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවන ආකාරයේ ප්‍රකාශ සිදු කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා කර සිටියි.