Thursday, March 28, 2024

General line - 0115112241

20, 22 වනදා මැති සබයට




20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පළමුවන වර කියවීම එලඹෙන 22 වනදා උදෑසන 10 යි 30 ට සිදුකිරීමට නියමිතයි.  මේ සම්බන්ධයෙන් සභානායක කාර්යාලය විසින් පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ. 

මේ අතර 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව සහ විපක්ෂව අදත්  අදහස් පළවුණා. මේ, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර. 

අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන ද 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. 

මේ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර හර්ෂණ රාජකරුණා. 

අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කළේ මෙලෙසයි.