Friday, March 29, 2024

General line - 0115112241

සිලෝන් ටී නාමයට හානිවීමට ඉඩ දෙන්න එපා - ජනපති තේ කර්මාන්තකරුවන්ට කියයි




දීර්ඝ කාලයක සිට ලොව සියලූ රටවල් අතර ඉමහත් ආකර්ශනයට ලක්ව ඇති සිලෝන් ටී නාමයට හානිවීමට ඉඩ නොදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තේ කර්මාන්තශාලා හිමියන්ගෙන් ඉල්ලීමක් කළා. 

ඒ, ගුණාත්මක තේ නිෂ්පාදනය පිළිබඳ සුළු හා මධ්‍යම පරිමාණ තේ කම්හල් හිමියන් සහ අපනයනකරුවන් සමග අද දහවල් ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡුාවකදීයි. 

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා. 

මේ අතර ලෝක වෙළඳපොළේ තේ සඳහා පවතින ඉල්ලූම සියයට 65 සිට සියයට 45 දක්වා පහළ වැටීමට තේ නිෂ්පාදනයේ ගුණාත්මක පරිහානිය බලපා තිබෙනවා. මෙරට පවතින තේ කර්මාන්තශාලා සංඛ්‍යාව 705 ක්. කර්මාන්තශාලා 45 කින් අයථා කි‍්‍රයාකාරකම් වාර්තා වී ඇති අතර පරීක්ෂණවලින් පසුව කර්මාන්තශාලා 18 ක නිෂ්පාදන නතර කළ බවයි තේ මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ එහිදී පැවසුවේ.