Friday, March 29, 2024

General line - 0115112241

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේදී නෙත් කුටියට ඉහළ ප‍්‍රතිචාරයක් - විදුර සහ ගෙවිඳුත් නෙත් පරිසර දිවුරුමට අත්සන් තබති (PHOTOS)




කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී අද ආරම්භ වූ 22 වන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය නැරඹීම සඳහා මේවනවිටත් පාඨකයින් රැසක් පැමිණෙමින් සිටිනවා. ප‍්‍රදර්ශන භූමියේ නෙත් එෆ් එම් විශේෂ කුටියක් ද ස්ථාපිත අතර එහි නවතම තොරතුරු දැන ගැනීමට අප දැන් සම්බන්ධ වනවා නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්. 

 

මේ අතර පරිසර හානියට එරෙහිව පරිසරය සුරැකීමට බලකෙරෙන නෙත් පරිසර දිවුරුම සදහා රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගෙවිදු කුමාරතුංග ද අද අත්සන් තැබුවා. ඒ, කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශන භූමියේ ස්ථාපිත නෙත් එෆ් එම විශේෂ කුටියේදීයි. මේ, නෙත් පරිසර දිවුරුමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක.

නෙත් පරිසර දිවුරුම අත්සන් කිරීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත‍්‍රි ගෙවිදු කුමාරතුංග ද නෙත් නිවුස් වෙත අදහස් පළ කළා.

පරිසර හානි සිදු නොකරන බවටත්, පරිසරයට හානිකර කි‍්‍රයාවන්ට ඉඩ නොදෙන බවට හා පරිසරය රැුකගන්නා බවටත්, තමන් තමන්ටම සහතික වෙමින් නෙත් පරිසර දිවුරුමට අත්සන් තැබීමට අප ඔබට ද ආරාධනා කරනවා. ඔබ තබන අත්සන පරිසර හානි වළක්වාලීමට සහ පරිසරයට හානි කරන්නන්ට දැඩි පියවර ගන්නා ලෙස වගකිව යුත්තන්ට කෙරෙන ශක්තිමත්  බලපෑමක් ද වනු ඇති. 

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ නෙත් එෆ් එම් කුටියේදී නෙත් පරිසර දිවුරුමට නෙත් පරිසර දිවුරුමට අත්සන් තැබීමට අවස්ථාව හිමි වනවා. නැතහොත්, බැලූම්ගල ෆේස්බුක් පිටුවට පිවිසීමෙන් ද නෙත් පරිසර දිවුරුමට අත්සන් තැබිය හැකියි. නෙත් පරිසර දිවුරුමට අත්සන් තබන ඔබ වෙත එහි ඩිජිටල් පිටපතක් ද ලබාදීමට කටයුතු කෙරෙනවා.


මේ අතර ප‍්‍රදර්ශන භූමියේ ස්ථාපිත නෙත් එෆ් එම් විශේෂ කුටිය වෙත ආරම්භක දිනයේදීම පාඨකයින් රැසක්  දුෂ්කර පාසල් සඳහා පොත් පරිත්‍යාග කිරීම සිදුකළා. මේ, එම කර්තව්‍යයට දායක වූ පාඨකයින් කිහිපදෙනෙක්.

අද සිට ලබන 27 වනදා දක්වා පැවැත්වෙන මෙම පොත් ප‍්‍රදර්ශනය සඳහා නිල රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි. නිල බැංකු සහකරු ලෙස සම්පත් බැංකුව කටයුතු කරනවා.