Thursday, March 28, 2024

General line - 0115112241

ප‍්‍රභූන්ට තර්ජනය කළ පොඩි ලැසීගෙන් CID පැය 06 ක් ප‍්‍රශ්ණ කරයි




සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන බන්ධනාගාර ගත කර සිටින අරුමා හන්දි ජනිත් මධුසංක හෙවත් ‘‘පොඩි ලැසී’’ නමැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පැය 06 ක කාලයක් ප‍්‍රශ්න කර තිබෙනවා. ඒ, බූස්ස බන්ධනාගාරයේදීයි.

ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමෙන්තුවේ උසස් නිලධාරින් කිහිපදෙනෙකුට ප‍්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරිම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස පොඩි ලැසී නමැත්තාගෙන් ප‍්‍රශ්න කර ඇති බවයි වාර්තා වන්නේ. එම සිද්ධිය සම්බන්ධයෙන් දෙවන සැකකරු වන්නේ ද මෙම පොඩි ලැසී නමැත්තායි. එම සිද්ධියේ පළමු සැකකරු ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කොස්ගොඩ තාරක නමැත්තා නම් කර තිබෙනවා. 

මේ අතර අදාළ තර්ජන එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොඩි ලැසී නමැත්තා ඊයේ ගාල්ල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කෙරුණු අතර එහිදී සැකකරු ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.