Saturday, April 20, 2024

General line - 0115112241

ප්‍රේමලාල් ජයසේකරට විපක්ෂයෙන් යළිත් විරෝධයක්




මරණ දඩුවම නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රි පේ‍්‍රමලාල් ජයසේකර සහ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ෂිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාර්ලිමේන්තු සභා වාරයන් සදහා කැදවීම සම්බන්ධයෙන් ඉකුත්දා දැඩි කතාබහක් මතු වුණා.

මේ සම්බන්ධයෙන් විපක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර පාර්ලිමේන්තුව තුළ උණූසුම් තත්වයක්ද හට ගැනුනා. 

කෙසේ වෙතත් පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට අනුව මරණ දඩුවම හෝ බන්ධනාගාර ගතව සිටින මන්ත‍්‍රීවරයෙකු පාර්ලිමෙන්තුවට කැදවන්නේ නම් ඊට පෙර පාර්ලිමේන්තු වේත‍්‍රධාරීවරයා විසින් ඒ පිළිබද බන්ධනාගාර ප‍්‍රධානීන්ට දැන්විය යුතුයි.

ඒ අනුව පාර්ලිමෙන්තු සම්ප‍්‍රදායට අනුව පාර්ලිමේන්තු වේත‍්‍රධාරිවරයා විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට සහ අදාළ මන්ත‍්‍රීවරයා රදවා සිටින බන්ධනාගාරයේ අධිකාරිවරායට මේ පිළිබද දැන්විය යුතු වනවා. 

මරණ දඩුවම නියම සිටින රත්නපුර දිස්ත‍්‍රීක් පාරලිමේන්තු මන්ත‍්‍රී පේ‍්‍රමලාල් ජයසේකර වැලිකඩ බන්ධනාරයේත් , ෂිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මඩකලපුව බන්ධනාගාරයේත් මේ වන විට රදවා සිටිනවා.