Thursday, April 25, 2024

General line - 0115112241

කොරෝනාවට සිර වූ ශ‍්‍රී ලාංකිකයින් 30,000ක් දිවයිනට




විදේශියන්හි සිටින ශී‍්‍ර ලාංකිකයින් 30,000 කට අධික ප‍්‍රමාණයක් මේ වනවිට දිවයිනට ගෙන්වා ඇති බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. එලෙස පැමිණෙන පිරිස් නිරෝධායනය කිරීමේ මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යාමට සංචාරක හෝටල් සදහා ද අවස්ථාව ලබාදී ඇති බවයි  කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ යුද හමුදාපතිවරයා කියාසිටියේ.

මේ අතර අමෙරිකාවෙන් පිටුවහල් කළ ශී‍්‍ර ලාංකිකයින් 18 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණ තිබෙනවා. ඔවුන් වීසා කාලය ඉක්මවා තවදුරටත් එරට රැුදී සිටි පුද්ගලයන් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. මෙම පිරිස අමෙරිකාවේ වොෂින්ටන් නුවර සිට කෙන්යාවේ නයිරෝබි නුවර හරහා, කෙන්යානු ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබෙනවා.

එම පිරිස පී.සී.ආර්.පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව මේ වනවිට නීරෝධායන කටයුතු සදහා යොමු කර ඇති බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවේ. නිරෝධායන කාලසීමාව අවසන්වීමෙන් දින 21 කට පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සිට රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන් විසින් මෙම පිරිසෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට නියමිතයි.