Tuesday, April 23, 2024

General line - 0115112241

රටට ආනයනය කර තිබූ වාහනවලින් සියයට 90 ක් හදිසියේ විකිණෙයි




මෙරටට ගෙන්වා තිබූ වාහන සංචිතයෙන් සියයට 90ක්ම ඉකුත් කාලසීමාව තුළ හදිසියේ අළෙවි වී ඇතැයි වෙළඳපොළ නිරීක්‍ෂණයකදී දැකගත හැකි වුණා.

ඊට හේතුව ලෙස වාහන ආනයනකරුවන් සහ අළෙවිකරුවන් පවසන්නේ වාහන ආනයනය තවත් සැලකිය යුතු කාලයකට සිදු නොවනු ඇතැයි බියෙන් ජනතාව මෙලෙස හදිසියේ වාහන මිලදී ගෙන ඇති බවයි.

ඒ අනුව ඉකුත් සමයේ මෙරටට ගෙන්වූ වාහන සංචිතයෙන් දැන් ඉතිරිව ඇත්තේ සියයට 10 කටත් වඩා අඩු වාහන ප‍්‍රමාණයක් බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ.

කෙසේවෙතත් එලෙස හදිසියේ හෝ වැඩි මිලට හෝ වාහන මිලදී ගැනීමට තරම් කිසිදු තත්ත්වයක් මේ වනවිට උදාවී නොමැති බව එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චි සදහන් කළා.

මේ වනවිට වාහන වෙළඳපොලේ පවතින්නේ භාවිත කළ රථ වාහන පමණක් බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

කැබිනට් මණ්ඩලය ඉකුත්දා තීරණය කළේ දේශීයව වගා කළ හැකි හෝ නිෂ්පාදනය කළ හැකි අතශ්‍යවශ්‍ය නොවන භාණ්ඩ, වෙළඳ භාණ්ඩ මෙන්ම මෝටර් වාහන ආනයනය ද තාවකාලිකව අත්හිටුවීමටයි.