Thursday, March 28, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍ය නිරෝධායන නීති දැඩි කරයි




කොරෝනා ව්‍යාප්තියත් සමඟ නිරෝධායන රීති කඩ කරන පුද්ගලයින්ට එරෙහි දඬුවම් දැඩි කිරීමට බි‍්‍රතාන්‍යය තීරණය කර තිබෙනවා. ඒ අනුව කිසියම් අයෙක් ස්වයං නිරෝධායන නියෝග ප‍්‍රතික්ෂේප කළහොත් ඔහුට හෝ ඇයට එරෙහිව පවුම් 10,000 ක් දක්වා දඩ මුදලක් නියම කරනු ඇති.

එය ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 23කට අධිකයි. මෙම නව නීති සැප්තැම්බර් 28 සිට ක‍්‍රියාත්මක කරනු ඇති. ඒ අනුව කොරෝන වෛරසය වැළදී ඇති අයෙකු සමග සමීප සම්බන්ධතාවයක් පවත්වා ඇති බවට තහවුරු වන අයෙකු ස්වයං-හුදකලා වීමට අවශ්‍ය වනවා. 

කෙසේ වෙතත් නව නීතිය අනුව අඩු ආදායම්ලාභීන් සඳහා පනවා ඇත්තේ පවුම් 500 ක දඩයක් පමණයි.

මෙම නීති පැනවීමට තීරණය කර ඇත්තේ කොරෝනා රෝගීන්ගේ ක‍්‍රමික වැඩිවීමත් සමග දැඩි සීමාවන් පැනවීමට අග‍්‍රාමාත්‍යවරයා සලකා බලමින් සිටින අවස්ථාවකයි.

ඊයේ දිනය තුල පමණක් බි‍්‍රතාන්‍යයෙන් අලූතින් කොරෝනා රෝගීන් 4,422 ක් සහ මරණ 27 ක් වාර්තා වී තිබෙනවා.