Saturday, April 20, 2024

General line - 0115112241

මංතීරු නීතිය අද සිට දැඩි වෙයි - කඩකලොත් පොලිස් පංතියට




මංතීරු නීතිය අද සිට දැඩිව කි‍්‍රයාත්මක කරන බව පොලීසිය පවසනවා. ඉකුත් 14 වනදා සිට සතියක කාලයක් පෙරහුරුවක් ලෙස මංතීරු නීතිය කි‍්‍රයාත්මක කිරීම ආරම්භ වුණා. එහිදී ලබාගත් තොරතුරු සහ දත්ත මත පදනම්ව අද සිට මංතීරු නීතිය කි‍්‍රයාත්මක කිරීමටයි පොලීසිය තීරණය කර ඇත්තේ. ඒ අනුව කොළඹ ප‍්‍රධාන මාර්ග 4 ක් කේන්‍ද්‍ර කර ගනිමින් මංතීරු නීතිය කි‍්‍රයාත්මකයි. ඒ, පෙරවරු හයේ සිට 9 දක්වාත් , පස්වරු හතරේ සිට රාතී‍්‍ර 8 දක්වායි. 

රථ වාහන පාලන හා මාර්ග ආරක්‍ෂාව පිළිබද අධ්‍යක්‍ෂ, ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ නෙත් නිවුස් වෙත කියාසිටියේ බස් ප‍්‍රමුඛතා මංතීරුවේ තී‍්‍රරෝද රථ සහ යතුරු පැදි සදහාද වැඩි ඉඩක් ලබාදෙන බවයි. 

මංතීරු 3 ක් සහිත මාර්ගවල මංතීරු නීතිය කි‍්‍රයාත්මක වන ආකාරයේ වෙනසක් පවතිනවා. එය සිදුවන ආකාරය පිළිබද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මෙලෙස පැහැදිලි කළා. 

මංතීරු 4 ක් සහිත මාර්ගවල රථ වාහන ධාවනය කළයුතු ආකාරය සම්බන්ධයෙන් මෙහිදී පැහැදිලි කිරීමක් සිදුකළා.

කෙසේවෙතත් බස් ප‍්‍රමුඛතා මංතීරුවේ තී‍්‍රරෝද රථ සහ යතුරු පැදි සදහා වැඩි ඉඩක් ලබාදීම සම්බන්ධයෙන් පෞද්ගලික බස් සංගම් සිය විරෝධය පළ කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ බස් ප‍්‍රමුඛතා මංතීරුව තුළ බස් රථවලට පමණක් ධාවනය කිරීමට ඉඩ දිය යුතු බවයි. මේ, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න.

මංතීරු නීතිය නිසි පරිදි කි‍්‍රයාත්මක වන්නේ දැයි ඩ්‍රෝන කැමරා සහ සී සී ටී වී දර්ශන මගින් නිරීක්‍ෂණය කරනු ඇති. එහිදී ලබාගන්නා තොරතුරු මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවට ලබාදී අදාළ රියදුරන්ට එරෙහිව පියවර ගැනීමට නියමිතයි. කෙසේවෙතත් මෙම සතියේදී නීතිය උල්ලංඝණය කරන්නන්ට දඩ නියම කිරීමක් හෝ අධිකරණ ක‍්‍රියාමාර්ග නොගන්නා බවත් නෛතික පියවරක් ලෙස රියදුරන් කැඳවා දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බවයි පොලීසිය පැවසුවේ.