Tuesday, October 20, 2020

General line - 0115112241

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙලට ජනතාවගෙන් පැසසුම්

705Views


 


කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්වෙන  22 වන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ අද (21) සිව් වන දිනයයි. 

මෙවර ද කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට නිල රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ්. එම්. රේඩියෝවයි. ප‍්‍රදර්ශන භූමියේ නෙත් එෆ්. එම්. විශේෂ කුටියේදී දුෂ්කර පාසල් සඳහා පොත් පරිත්‍යාග කිරීමට ද පාඨක ඔබට අවස්ථාව උදාකර දී තිබෙනවා. 

බ‍්‍රහස්පතින්දා රාති‍්‍ර 7.30 ට ප‍්‍රචාරය කෙරෙන කළමණාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය සහභාගි වන නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සතුට වැඩසටහන ඇසුරෙන් රචනා කළ සතුටින් ඔබ්බට කෘතියද පොත් ප‍්‍රදර්ශනයට පැමිණෙන ඔබට මිලදී ගැනීමට අවස්ථාව උදාකර තිබෙනවා.

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය නැරඹීමට ඊයේ දිනයේදී විශාල පිරිසක් ප‍්‍රදර්ශන භූමියට පැමිණියා.

එසේ පැමිණ සිටි පිරිස් සඳහන් කළේ මෙය සෞඛ්‍ය ආරක්ෂිත පොත් ප්‍රදර්ශනයක් ලෙස හඳුන්වාදිය හැකි බවයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි අයුරින් නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙන ආකාරය දැක ගත හැකි වූ බවද සඳහන් කළා. ඒ නිසාවෙන් සැකයක් නොමැතිව පොත් ප්‍රදර්ශනය හා එක්වන ලෙස අනෙක් අයටත් ආරාධනා කරන බවයි මෙහි පැමිණ සිටි පිරිස් කියා සිටියේ.
 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here