Saturday, April 20, 2024

General line - 0115112241

නෙත් පරිසර දිවුරුමට අත්සන් තබන්න ඔබටත් ආරාධනා




මනුෂ්‍යත්වය අගයන සියළු දෙනා නෙත් පරිසර දිවුරුමට අත්සන් තැබිය යුතු බව රංගන ශිල්පී හේමාල් රණසිංහ පවසනවා. 

පරිසර හානි වළක්වාලීමටත් පරිසරය ආරක්ෂා කිරීමටත් සෑම විටම පෙනීසිටින තමන් ද ඉතා ඕනෑකමින් නෙත් පරසර දිවුරුමට අත්සන් තැබූ බවයි හේමාල් රණසිංහ වැඩිදුරටත් පැවසුවේ.

ගායන ශිල්පී 'රූනි' ද නෙත් පරිසර දිවුරුමට ඊයේ අත්සන් තැබුවා. ඊට හේතු දක්වමින් ඔහු කියා සිටියේ පරිසරය හානි කරන බවට තවත් අයට දොස් නගමින් සිටීමෙන් හෝ පරිසරය ආරක්ෂා කරන ලෙස වෙනත් අයගෙන් ඉල්ලා සිටීම හෝ නොව වඩා ඵලදායී වන්නේ තම තමන් විසින්ම පරිසර හානිවලට එරෙහිව නැගී සිටීමත් පරිසරය ආරක්ෂ කිරීමට කටයුතු කිරීමත් බවයි. නෙත් පරිසර දිවුරුම ද ඒ සදහා දිරිගැන්වීමක් බව ගායන ශිල්පී රූනි වැඩිදුරටත් කියා සිටියා.

නෙත් එෆ්. එම්. රේඩියෝව සමග එක්ව නෙත් පරිසර දිවුරුමට අත්සන් තබන ලෙස ඔබට ද ආරාධනා කෙරෙනවා. තනි තනිව මෙන්ම ඔබේ පාසලේදී හෝ ආයතනයේදී සමූහ ලෙස එකතු වී ද නෙත් පරිසර දිවුරුමට අත්සන තැබිය හැකියි. 

ඒ පිළබද වැඩි විස්තර දැනැගැනීම සදහා 0727 372 372 බැලුම්ගල වෙත ඇමතුමක් ලබා දෙන්න.