Friday, March 29, 2024

General line - 0115112241

වන්නිලැඇත්තන්ගේ ඥාතියෙක් වනඅලි ප්‍රහාරයකින් මරුට




ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලැඇත්තන්ගේ ඥාතියෙකු මාදුරුඔය රක්ෂිත්යේදී වන අලි ප‍්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මහියංගණය දඹාන පදිංචි ඌරුවරිගේ කරුණාරත්න වන මොහු මී පැණි සෙවීමට හා ගල් සියඹලා ඇහිඳීමට ගොස් සිටියදී මෙම සිද්ධියට මුහුණ පා ඇති බවයි ආදිවාසී නායකයා පැවසුවේ.

ඔහුගේ මෘත දේහය මහියංගණය මූලික රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙන විත් ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට නියමිතයි.