Thursday, April 25, 2024

General line - 0115112241

කොරෝනා අභිබවා පරිසරය ගැන ලොව අවධානය ඉහළ යයි




දේශගුණික විපර්යාස පිළිබඳ ලොව පුරා පුරවැසියන් අතර වැඩි සැලකිල්ලක් මේ වනවිට පවතින බව ජාත්‍යන්තර සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

රටවල් 27ක දහස් ගණනක පිරිසක් එක් කර ගනිමින් අන්තර්ජාලය ඔස්සේ සිදුකල මෙම සමීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ කොරෝනා වැනි වසංගත හා පසුකාලීන ආර්ථික බලපෑම යන කරුණු අභිබවා ලොව පුරා ජනතාව දේශගුණික විපර්යාස පිළිබඳ දැඩි අවධානයෙන් සිටින බවයි. 

සමීක්ෂණයට ලක් කළ රටවල් 27 ක් පුරා සියයට 90 ක් පමණ ජනතාව දේශගුණික විපර්යාස ඉතා බරපතල හෝ තරමක් බරපතල ගැටළුවක් ලෙස හඳුන්වා දී තිබීම විශේෂත්වයක්.

කැනඩාව, ප‍්‍රංශය, ඉන්දියාව, කෙන්යාව, නයිජීරියාව සහ අමෙරිකාව යන රටවල ඡන්දය ප‍්‍රකාශ කළ පුද්ගලයින් අතර දේශගුණික විපර්යාසවලට හදිසි පියවර ගතයුතු බවට වූ අවශ්‍යතාවයේ විශාල වැඩිවීමක් දක්නට ලැබී තිබෙනවා.

2014 දී සියයට 60ක් වූ දේශගුණික විපර්යාස බරපතළ හෝ ඉතා බැරෑරුම් යැයි සලකන එක්සත් ජනපදයේ පුද්ගලයින්ගේ සංඛ්‍යාව පමණක් මෙම ඡන්ද විමසීමේදී සියයට 81ක් දක්වා ඉහළ ගොස් තිබීම කැපී පෙනෙන සිද්ධියක්.

එම කාලය තුළම, ඉන්දියාවේ දේශගුණික විපර්යාස පිළිබඳ බරපතල ලෙස අවධානය යොමුකල යුතු බවට පැවසූ පිරිස ද සියයට 70 සිට 93 දක්වා ඉහළ ගොස් තිබෙනවා.