Friday, April 19, 2024

General line - 0115112241

මහනුවර ගොඩනැගිල්ල කඩා වැටෙන බව හිමිකරුවන් දැන ඉදලා - අසල්වාසීන්ට නොදන්වා ගොඩනැගිල්ලෙන් පිටව ගිහින්




මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි මහල් 5 කින් යුත් ගොඩනැගිල්ල කඩා වැටීමට බලපෑ බව කියන හේතු කිහිපයක් අද හදුනා ගැණුනා. 

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න අද එම ස්ථානය නිරීක්‍ෂණය කිරීමෙන් පසු ප‍්‍රකාශ කළේ මෙම ගොඩනැගිල්ලේ අත්තිවාරම නිසි ලෙස නොදැමීම හේතුවෙන් එය කඩා වැටී ඇති බවයි.

ගොඩනැගිල්ල කඩා වැටීමට මොහොතකට පෙර එහි සිටි හිමිකරු ඇතුළු පවුලේ සිව් දෙනෙකු ඉන් නික්ම ගොස් තිබුණා. එම ගොඩනැගිල්ලේ හිමිකරු වන අනුර ලෙව්කේ පැවසුවේ සිය පවුල නිවසින් නික්ම යන අවස්ථාවේද ගොඩනැගිල්ලේ ඉරිතැලීම් මෙන්ම පොළව පුපුරා යාම්ද දක්නට ලැබුණු බවයි.

මෙහිදී අදහස් දැක්වූ එම ගොඩනැගිල්ලේ හිමිකරුගේ පුත‍්‍රයා සදහන් කළේ ශබ්දයක් ඇසී විනාඩි 7 ක් වැනි කෙටි කාලයක් තුළ මෙය කඩා වැටුණු බවයි.

ඊයේ අළුයම මෙම ගොඩනැගිල්ල කඩා වැටුණේ යාබද පිහිටි හෝටලයකටයි. එම අවස්ථාවේ එහි පස් දෙනෙකු රැදී සිට තිබුණා. ඉන් මාස එක හමාරක් වයසැති බිළිදියක සහ ඇගේ මව මෙන්ම පියා ද ජීවිතක්‍ෂයට පත් වුණා. තවත් කාන්තාවන් දෙදෙනෙකුගේ දිවි බේරා ගත්තේ ති‍්‍රවිධ හමුදාව සහ පොලීසිය සිදුකළ මෙහෙයුමකින් පසුවයි.

මේ අතර ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධියට අදාළව මහනුවර පොලීසිය ද පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවයි දිස්ති‍්‍රක් ලේකම් තිස්ස කරුණාරත්න පැවසුවේ. කඩා වැටුණු ගොඩනැගිල්ලේ හිමිකරුගෙන්ද පොලීසිය ප‍්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා. ගොඩනැගිල්ල ඉදිකිරීමට අවසර ලබාදුන් මහනුවර නගර සභාව, ජාතික ගොඩනැගිලි සංවිධානය සහ ඉදිකිරීම්වලට සහාය දුන් ඉංජිනේරුවරුන් නිකුත් කළ ලේඛණ පරීක්‍ෂා කිරීමටයි මහනුවර පොලිසිය පියවර ගෙන තිබුණේ