Tuesday, October 20, 2020

General line - 0115112241

බන්ධනාගාර තුළට තහනම් භාණ්ඩ පැමිණීම සම්පූර්ණයෙන් නතර කිරීමට තවමත් නොහැකි වෙයි

1111Views


 


බන්ධනාගාර රැඳවියන් අතර දුම්කොළ සඳහා වැඩි ඉල්ලූමක් පවතින බව වාර්තා වනවා. ඒ බන්ධනාගාර තුළ මේ දිනවල මත්ද්‍රව්‍ය අඩුවීම හේතුවෙන්. 

ඒ අනුව මීට පෙර රුපියල් දහසකට අලෙවි වු දුම්කොළයක්, රුපියල් 3,000 කට අධික මුදලකට රැඳවියන් අතර අලෙවි වන බවයි වාර්තා වන්නේ.

ඒ, බන්ධනාගාරගත මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රැඳවියන් මේ වනවිට  දුම්කොළ පානය කිරීම හේතුවෙන්.

ආරක්ෂක අංශ විසින් සිදුකරන මත්ද්‍රව්‍ය වැටලීම් සහ බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාර තුළ සිදුකරන අඛණ්ඩ මෙහෙයුම් හේතුවෙන් බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය ලැබීමේ අවස්ථා අඩු වී තිබෙනවා. 

රැඳවියන් බැලීමට බන්ධනාගාර වෙත පැමිණෙන අමුත්තන් හා ඔවුන් රැගෙන එන භාණ්ඩ ද දැඩි පරීක්ෂාවට ලක් කෙරෙනවා. කොළඹ බන්ධනාගාරවලට මෙන්ම බූස්ස සහ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරවල පිටත ආරක්ෂාව සඳහා බන්ධනාගාර නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ද යෙදවීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ. 

කෙසේවෙතත් බන්ධනාගාර තුළට තහනම් භාණ්ඩ විසිකිරීම සම්පූර්ණයෙන් පාලනය කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නොහැකි වී තිබෙනවා. 

ඒ බන්ධනාගාර තුළ පවතින දැඩි නිලධාරී හිඟය හේතුවෙන්. ඉකුත් දින කිහිපය තුළ ද බන්ධනාගාර කිහිපයකට පිටතින් විසි කළ හා බන්ධනාගාර තුළට සූක්ෂම ලෙස රැගෙන ආ දුම්කොළ රැසක්ම නිලධාරීන් සිය භාරයට ගෙන පොලීසියට භාර දී තිබුණා.                           
 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here