Tuesday, October 20, 2020

General line - 0115112241

ඩුබායිවලදී අනතුරකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයාට මෙරට වෛද්‍යවරයෙක් වන්දි අහිමි කරයි

7877Views


 


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි සිදුවූ අනතුරකින් පසු මෙරටට පැමිණ ඇති ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයෙකුට මෙරට වෛද්‍යවරයෙකුගේ නොමනා හැසිරීම හේතුවෙන් ඊට අදාළ රක්‍ෂණ වන්දිය ලබාගැනීමට නොහැකි වූ පුවතක් නෙත් නිවුස් වෙත වාර්තා වනවා.

ඔහු මෙම වන්දිය ලබාගැනීමට උත්සාහ දරා ඇත්තේ ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන්. ඒ සඳහා වෛද්‍යවරයෙකුගේ නිර්දේශ ලබාගත යුතුයි. ඒ අනුව ඔහු අදාළ නිර්දේශය ලබාගැනීම සදහා මුල්ලේරියාව රෝහලට ගොස් තිබෙනවා. කෙසේවෙතත් අදාළ නිර්දේශ ලබාදෙන වෛද්‍යවරයා සිය සැමියාට බැණ වැදී, ලිපිලේඛණද විසි කර රෝහලෙන් එළවා ඇති බවයි එම පුද්ගලයාගේ බිරිද නෙත් නිවුස් වෙත කියාසිටියේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි මීට මාස කිහිපයකට පෙර සිදුවූ අනතුරකින් මෙම පුද්ගලයා බරපතල තුවාල ලබා තිබෙනවා. ඔහු එරටදී ප‍්‍රතිකාර ලබා සුවවීමෙන් පසුවයි ඉකුත්දා මෙරටට පැමිණ තිබුණේ.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here