Friday, April 19, 2024

General line - 0115112241

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ සාර්ථක 05වැනි දිනය අද




කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්වෙන  22 වන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ අද (22) පස් වන දිනයයි.

ඉකුත් දිනවල මෙන්ම අද දිනයේ ද විශාල පාඨකයින් පිරිසක් ප‍්‍රදර්ශනය නැරඹීමට එක්වෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමයේ ලේකම් සමන්ත ඉන්දීවර අදහස් පළ කරමින් සඳහන් කළේ ප්‍රදර්ශනය පැවැත් වූ දින 04ම ඉතා සාර්ථකව සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවයි. ඒ හේතුවෙන් ප්‍රදර්ශනය නැරඹීම සඳහා බයක් හෝ සැකයකින් තොරව ජනතාවට පැමිණිය හැකි බවද පෙන්වා දුන්නා.

මෙවර ද කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට නිල රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ්. එම්. රේඩියෝවයි. ප‍්‍රදර්ශන භූමියේ නෙත් එෆ්. එම්. විශේෂ කුටියේදී දුෂ්කර පාසල් සඳහා පොත් පරිත්‍යාග කිරීමට ද පාඨක ඔබට අවස්ථාව උදාකර දී තිබෙනවා.