Friday, April 19, 2024

General line - 0115112241

රුහුණු ඉතිහාසයට වැදගත් වූ සෙල්ලිපි



මෙරට රුහුණු ප‍්‍රදේශයේ ඉතිහාසය පිළිබඳ සොයාබැලීමේදී සෙල්ලිපි අධ්‍යයනය වැදගත් සාක්ෂි සපයන බව පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා.

ඊයේ (21) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් හිස්ට්‍රි වැඩසටහනේදී ඔහු මෙම අදහස් පළ කළා.

රුහුණේ ඉතිහාසය සම්බන්ධයෙන් මොණරාගල ප‍්‍රදේශයේ මේ දිනවල සිදු කරන ගවේෂණයේදී දෙවන ශතවර්ෂයට අයත් යැයි අනුමාන කළ හැකි සෙල්ලිපියක් හමුවී ඇති බව ද මහාචාර්ය රාජ් සෝමදේව එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

(එම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි)