Thursday, April 18, 2024

General line - 0115112241

ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයකම ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ - මිලියන ගණනක ජනතාවක් අවදානමේ




බීටා සුළි කුණාටුවේ අවදානම හේතුවෙන් අමෙරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ ප‍්‍රදේශ 29 කට ආපදා තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. 

එමෙන්ම, සුළි කුණාටු අවදානම හේතුවෙන් ලූසියානා ප‍්‍රාන්තයට ද හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කිරීමටයි ආණ්ඩුකාරවරයා පියවර ගෙන ඇත්තේ.

ඒ හේතුවෙන් ලූසියානා සහ ටෙක්සාස් වෙරළ තීරයන්වල මිලියන 11 කට අධික පිරිසක් හදිසි ජල ගැලීම් අවදානමක සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

පැයට සැතපුම් 45 ක වේගයකින් හමා එන බීටා සුළි කුණාටුවේ වේගය ඉදිරි දින දෙක තුළදී් තවදුරටත් වර්ධනය විය හැකි බවයි අමෙරිකානු කාලගුණ අංශ අනතුරු අ`ගවා ඇත්තේ.