Friday, April 26, 2024

General line - 0115112241

පයාගල වෙරළෙන් කොකේන් තොගයක් මතුවේ




පයාගල වෙරළ තීරයේ තිබී කොකේ්න් අඩංගු පාර්සලයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. 

අදාළ පාර්සලයේ  කොකේන් කිලෝ 1 කට ආසන්න ප‍්‍රමාණයක් තිබූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ. 

අදාළ කොකේන් අඩංගු පාර්සලය මුහුදේ පාවී වෙරළට ගොඩ ගසා ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.