Tuesday, April 23, 2024

General line - 0115112241

ප‍්‍රදේශ කිහිපයකදී ගිනි අවි සමග පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට




ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ පතොරම් 13 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු කඳාන නාගොඩ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදීයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද වැලිසර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. එමෙන්ම විදේශ රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවි 02 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අවිස්සාවේල්ල වෙලංගල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.

විදේශ රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සමග තවත් සැකකරුවෙකු හොරොව්පතාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.