Thursday, April 25, 2024

General line - 0115112241

මෛත්‍රී පාස්කු කමිටුවට ගෙන්වයි




ලබන මස 05 වනදා පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස එම කොමිසම හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී තිබෙනවා. 

ඒ, පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව සාක්ෂි ලබාදීම සඳහායි. හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද උදෑසන එම කොමිසම වෙත පැමිණි අවස්ථාවේ මෙම දැනුම් දීම සිදු කර තිබෙනවා. අද උදෑසන 10 ට පමණ එම කොමිසම වෙත පැමිණි හිටපු ජනාධිපතිවරයා දහවල් 12 ට පමණ ඉන් පිටව ගියා. 

හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එම කොමිසමේ රැඳී සිටි කාලයේදී හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සාක්ෂි ලබා දී තිබෙනවා.  මේ අතර, ලබන මස 06 වනදා එම කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා පැමිණෙන ලෙස හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට ද දැනුම් දීමක් කර තිබෙනවා.