Saturday, April 20, 2024

General line - 0115112241

කෝප් සහ කෝපා කමිටු දෙකෙහිම සභාපතිධූර මහාචාර්යවරුන් දෙදෙනෙකුට




රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය තිස්ස විතාරණ අද තෝරා පත්කර ගැනුණා. 

ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පස්වරුවේ එම කාරක සභාව රැස්වූ අවස්ථාවේදීයි. මහාචාර්ය තිස්ස විතාරණගේ නම කෝපා කමිටුවේ සභාපති ධූරය සඳහා යෝජනා කළේ එම කමිටුවේ හිටපු සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නයි.

අමාත්‍ය උදය ගම්මන්පිල විසින් එම යෝජනාව ස්ථිර කර තිබෙනවා.

මේ අතර, කෝපා කමිටුවේ කටයුතු මාධ්‍යයට විවෘත කිරීම සඳහා කමිටු සභාපතිවරයා අද පැවති රැස්වීමේදී එකඟතාවය පළ කර තිබෙනවා. එම කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු ද නෙත් නිවුස් වෙත එය තහවුරු කළා. 

කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස පත්වූයේ මහාචාර්ය චරිත හේරත් ය.