Friday, March 29, 2024

General line - 0115112241

ග්‍රාම නිලධාරීන්ගේ සේවයත් විධිමත් කෙරේ




ග‍්‍රාම නිලධාරීන්ගේ රාජකාරී කටයුතු විධිමත් කිරීම සඳහා චක‍්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ, අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින්. 

ග‍්‍රාම නිලධාරීන් සිය කාර්යයාලවල රැඳී සිටිය යුතු වේලාවන් එහි දක්වා තිබෙනවා. ඒ අනුව අඟහරුවාදා සහ බදාදා දිනවල උදෑසන 08.30 සිට පස්වරු 04.15 දක්වාත්, සෙනසුරාදා දින මධ්‍යහ්න 12.30 දක්වාත් මහජන සේවය සඳහා ග‍්‍රාම නිලධාරීවරුන් සිය කාර්යයාලවල රැඳී සිටිය යුතුයි. 

සඳුදා දිනයේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යයාලවල කැඳවීම් සහ අවශ්‍යතා අනුව කටයුතු කළ යුතු අතර ඉතිරි දින තුනෙන් එක් දිනයක් විවේක දිනය ලෙස ද, ඉතිරි දින 02 ක්ෂේත‍්‍ර රාජකාරී සඳහා ද යොදාගත යුතු වනවා. ග‍්‍රාම නිලධාරීන් සිය විවේක දිනය හැර දින 06 ක්, පැය 24 පුරා තම කොට්ඨාසය තුළ රාජකාරී ඉටු කිරීමට බැඳී ඇති බවයි එහි දක්වා ඇත්තේ. 

අමාත්‍ය මණ්ඩලය විසින් පසුගියදා ගත් තීරණයකට අනුව බදාදා දිනය වෙනුවට සඳුදා දිනය, මහජන දිනය ලෙස ප‍්‍රකාශයට පත් කළා. ඊට සමගාමීවයි ග‍්‍රාම නිලධාරීන්ගේ කටයුතු විධිමත් කිරීම සඳහා අදාළ චක‍්‍රලේඛය නිකුත් කර ඇත්තේ.