Friday, April 19, 2024

General line - 0115112241

බණ්ඩාරවෙල හෝටලයක් ගින්නකින් විනාශයි




බණ්ඩාරවෙල නගරයේ පිහිටි හෝටලයක් අද දහවල් ඇති වූ ගින්නකින් විනාශ වී තිබෙනවා. 

ගෑස් කාන්දුවකින් ගින්න හටගන්නට ඇති බවයි පොලිසිය සැක පළ කරන්නේ. බණ්ඩාරවෙල නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය, දියතලාව යුද හමුදා කඳවුරේ නිලධාරීන්, පොලිසිය සහ ප‍්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පවත්වා තිබෙනවා. 

එලෙස ගිනි ගැනීමට ලක්ව ඇත්තේ සිව් මහල් ගොඩනැගිල්ලක පිහිටි හෝටලයක්. ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.