Friday, March 29, 2024

General line - 0115112241

පරිසරය ආරක්ෂා කරන බවට දිවුරුම් දුන් තවත් තරු රැසක් (VIDEO)




කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්වෙන  22 වන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ අද (24) හත් වන දිනයයි.

අදත් උදෑසන 09 සිට රාතී‍්‍ර 09 දක්වා එම ප‍්‍රදර්ශනය පාඨක ජනතාව වෙනුවෙන් විවෘතව පවතිනවා.

සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේද අනුගමනය කරමින් ප‍්‍රදර්ශනය සංවිධානය කිරීමට ගෙන ඇති කි‍්‍රයාමාර්ග පිළිබඳ ප‍්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන පාඨක ජනතාව දක්වන්නේ යහපත් ප‍්‍රතිචාරයක්. ඊයේ දිනයේදී ප‍්‍රදර්ශනය නැරඹීමට පැමිණි ජනතාව නෙත් නිවුස් වෙත ඒ සම්බන්ධයෙන්  අදහස් පළ කළා. එහිදී ඔවුන් පෙන්වා දුන්නේ සෑම විටම ප්‍රදර්ශන භූමිය තුළ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන ආකාරය දැකගත හැකි වූ බවයි.

මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට නිල රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ්. එම්. රේඩියෝවයි.

ඊට සමගාමීව නෙත් පරිසර දිවුරුම ලබා දෙමින් පරිසරය ආරක්ෂා කරන බවට දිවුරුමක් ලබා දීමේ වැඩසටහනට ද එහිදී ජනතාවගෙන් ඉහළ ප‍්‍රතිචාර හිමි වුණා. නෙත් පරිසර දිවුරුම ලබා දීමට, මෙරට ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ තරු රැසක් එක්වීම ද විශේෂත්වයක්. 

දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා ලෙස වාර්තා අතරට එක්වූ යුපුන් අබේකෝන් ද නෙත් පරිසර දිවුරුමට අත්සන් තැබුවා.

ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායම් නියෝජනය කළ අවිශ්ක ගුණවර්ධන සහ දිල්හාර ලොකුහෙට්ටිගේ ද ඊයේ දිනයේ නෙත් පරිසර දිවුරුමට අත්සන් තැබුවා. 

මේ අතර, ප‍්‍රදර්ශන භූමියේ නෙත් එෆ්. එම්. විශේෂ කුටියේදී දුෂ්කර පාසල් සඳහා පොත් පරිත්‍යාග කිරීමට ද පාඨක ඔබට අවස්ථාව උදාකර දී තිබෙනවා.