Wednesday, April 24, 2024

General line - 0115112241

මහා සංඝ රත්නයට අපහාස කරමින් ව්‍යාජ ලිපියක් අන්තර්ජාලයේ




20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඡන්දය ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට බල කරමින් අස්ගිරි මහා විහාරයේ සංඝ සභාව විසින් නිකුත් කර ඇති බවට ඇඟවෙන වෙන පරිදි සකස් කර අන්තර්ජාලය ඔස්සේ සංසරණය වෙමින් පවතින ලිපිය ව්‍යාජ එකක් බව අස්ගිරි මහා විහාර කාරක සංඝ සභාව පවසනවා. 

එහි ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පැවසුවේ, අදාළ ව්‍යාජ ලිපිය සකසා ප‍්‍රචාරය කරන ලද පුද්ගලයින් හෝ කණ්ඩායම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස මේ වනවිටත් මහනුවර නියෝජ්‍ය පොලිස්පතිවරයා හමුවේ පැමිණිල්ලක් ගොනු කර ඇති බවයි.