Friday, March 29, 2024

General line - 0115112241

තනි කැමැත්තට තිස්ස ගිහින් රනිල්ව හමු වෙයි




එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය අතර පවතින අර්බුදය විසඳාගැනීම සම්බන්ධයෙන් සිතා බලන ලෙස, එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් තමා ඉල්ලා සිටි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක පවසනවා.

ඊයේ (23) රාත්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම් අන්ලිමිටඞ් වැඩසටහනට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදී ඔහු පෙන්නා දුන්නේ "මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකයා කිරීමට මම තදබල ලෙස විරුද්ධ වුණා. මගේ අදහස වුණේ එජාප නායකයෙක් ජනාධිපති අපේක්ෂකයා විය යුතු බවයි. මම දැන් සති කිහිපයකට කලින් රනිල් වික්‍රමසිංහ මහතාව හමු වුණා. ඒක නිල ගමනක් නෙමෙයි. මගේ උවමනාවට පෞද්ගලිකව සිදු වූ හමුවක්. කරූ ජයසූරිය මහතාවත් හමු වුණා. මේ අර්බුදය විසඳ ගන්න මම ඒ අයත් එක්ක කතා කළා. නැවත හිතන්න කියලා මම රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනා කළා. ජනතාව දුන්නු තීන්දුව ගැන බලා දැන් තීරණයකට එන්න කියලා ඉල්ලීමක් කළා. එතුමා දීපු උත්තරය තමයි හිතන්නම් කියලා.. හැබැයි ඉතින් එතුමා හැම වෙලාවෙම ප්‍රශ්නවලින් ලිස්සලා යනවනේ. මම අවුරුදු 35ක් රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක වැඩ කරලා තියෙනවා." යනුවෙනි.