Friday, October 23, 2020

General line - 0115112241

20ට එරෙහිව සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීන් දෙදෙනෙකු ඇතුළුව තවත් පෙත්සම් 6ක් අදත් ගොනු වෙයි

706Views


 


පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා අද (24) දිනයේදී විශේෂ පෙත්සම් 6 ක් ගොනු කර තිබෙනවා.ඒ අනුව මේ වන විට පෙත්සම් 12ක් ගොනු කර ඇත .

අද දින එස්.එස්.සි. ඉලංකෝවන්, ෂරීන් අබ්දුල් සරූර්,  ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය, හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්, සමගි තරුණ බලවේගය සංවිධානයේ ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන රසික ජයකොඩි සහ ලිහිණි ප්‍රනාන්දු යන අය අද දිනයේ පෙත්සම් ගොනු කරන ලදී.

එම පනත් කෙටුම්පත නිසි ලෙස නීතියක් බවට පත්වීමට නම් පාරිලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ජන්දයෙන් හෝ ජනමත විචාරනයකින්  සම්මත විය යුතු බවට ප්‍රකාශ කරන ලෙසට පෙත්සම්කරුවන් මෙම පෙත්සම් මගින් ඉල්ලා ඇත.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here