Thursday, April 25, 2024

General line - 0115112241

කෝටි 34ක් වන්දි ගෙවන්න නිවු ඩයමන්ඩ් නෞකාව හිමි සමාගම එකඟ වේ - ශ්‍රී ලංකාව තවත් කෝටි දහයක් ඉල්ලයි




නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක් වූ එම් ටී නිව් ඩයමන්ඞ් නෞකාවේ ගින්න නිවීමට මැදිහත් වූ මෙරට ආයතනය සඳහා මූලික වන්දි ගෙවීමක් ලෙස රුපියල් මිලියන 340 ක මුදලක් ලබා දීමට එම නෞකාව හිමි සමාගම එකඟතාව පළ කර තිබෙනවා. 

නෞකාවේ හිමිකරුවන් ඒ බව නීතිපතිවරයා වෙත දැනුම් දී ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධි නීතීඥ නිෂාරා ජයරත්න පැවසුවේ. 

ගින්න නිවීමට හා ඊට අදාළ කටයුතු ස`දහා දැරූ වියදම හානි පූර්ණය කිරීම ස`දහා හිමිකම් ඉල්ලීමක් නීතිපතිවරයා විසින් පසුගිය 16 වනදා, නෞකාව හිමිකරුවන්ගේ නීතීඥවරුන් වෙත ලිඛිතව ඉදිරිපත් කර තිබුණා.

මේ අතර, අදාළ කටයුතු වෙනුවෙන් තවත් රුපියල් මිලියන 100 ක මුදලක් ලබාදෙන ලෙසයි නීතිපතිවරයා විසින් නෞකාවේ නීතීඥවරුන් වෙත දැනුම් දී ඇත්තේ.