Friday, April 19, 2024

General line - 0115112241

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ 08වැනි දිනය අද




කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්වෙන 22 වන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ අද (25) 08 වන දිනයයි.

අද දිනයේ ද උදෑසන 09.00 සිට රාතී‍්‍ර 09.00 දක්වා ප‍්‍රදර්ශනය පාඨක ජනතාව වෙනුවෙන් විවෘතව පවතිනවා.

ඊයේ දිනයේ ද විශාල පිරිසක් පොත් ප‍්‍රදර්ශනය නැරඹීමට පැමිණි අතර ප‍්‍රදර්ශන කුටියේ ස්ථාපිත නෙත් එෆ්. එම්. විශේෂ කුටියට ද එහිදි හිමිවූයේ ඉහළ ප‍්‍රතිචාරයක්. 

මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට නිල රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ්. එම්. රේඩියෝවයි.

ඊට සමගාමීව නෙත් පරිසර දිවුරුම ලබා දෙමින් පරිසරය ආරක්ෂා කරන බවට දිවුරුමක් ලබා දීමේ වැඩසටහනට ද එහිදී ජනතාවගෙන් ඉහළ ප‍්‍රතිචාර හිමි වුණා.

දුෂ්කර පාසල් සඳහා පොත් පරිත්‍යාග කිරීමට ඔබට අවස්ථාව ලබාදෙමින් පොත් කැටය ද මෙවරත් නෙත් එෆ්. එම්. විශේෂ කුටියේ ස්ථාපිතයි.