Thursday, April 25, 2024

General line - 0115112241

පාතාලය මඩින මෙහෙයුම : තවත් 402ක් අත්අඩංගුවට




බස්නාහිර පළාතේ සිදුකළ වැටලීමකදි සැකකරුවන් 402 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඉන් සැකකරුවන් 143 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ළ`ග තබාගැනීමේ චෝදනාව යටතේයි. ඔවුන් සන්තකයේ තිබී සොයා ගැණුනු හොරොයින් ප‍්‍රමාණය ග‍්‍රෑම් 108 යි මිලිග‍්‍රෑම් 48 ක්. මෙම වැටලීමේදී ගංජා ග‍්‍රෑම් 198 යි මිලිග‍්‍රෑම් 430 ක් සමග සැකකරුවන් 77 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. 

බොරැල්ල ප‍්‍රදේශයේදී කොකේන් ග‍්‍රැම් 36 ක් සමග සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වැලීමේදී නීතිවිරෝධී මැත්පැන් බෝතල් 390 ක් සමග අත්අඩංගුවට ගැණුනු පුද්ගලයින් ගණන 90 ක්. අද අළුයම පහෙන් අවසන් වූ පැය 24 තුළ බස්නාහිර පළාත තුළ මෙම වැටලීම සිදු කෙරුණා.

මේ අතර මත්පෙති 8,000 ක් සමග සැකකරුවකු මට්ටක්කුලිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තවත් සැකකරුවෙකු මදන මෝදක සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ තෙබුවන ප‍්‍රදේශයේදීයි. ඔහු සන්තකයේ තිබී මදන මෝදක කිලෝ 02 ක් සොයාගෙන තිබෙනවා.