Thursday, April 25, 2024

General line - 0115112241

ඉපලෝගම ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයෙකු තිදෙනෙකු හෙරොයින් සමග අත්අඩංගුවට




ඉපලෝගම ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයෙකු ඇතුළු තවත් දෙදෙනෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 3යි මිලිග‍්‍රෑම් 65කට ආසන්න ප‍්‍රමාණයක් සොයාගැණුනා. ඒ, ඉපලෝගම පොලීසිය හා යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් සිදුකළ වැටලීමකදීයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉපලෝගම, සේනපුර සහ මහමීගස්වැව ප‍්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙක්. අත්අඩංගුවට ගැණුනු  ඉපලෝගම ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍රවරයා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරයෙක්.