Wednesday, October 28, 2020

General line - 0115112241

ශාරුක් ඛාන් ගේ IPL පිළ පළමු ජය වාර්තා කරයි

823Views


 


මෙවර IPL කි‍්‍රකට් තරගාවලියේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට සුපිරි බොලිවුඞ් නළු ශාරුක් ඛාන් හිමිකාරීත්වය දරණ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ (26) රාති‍්‍රයේ සමත්වුණා.

ඒ, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුළු 07කින් පරාජය කරමින්. අබුඩාබිහි පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුළු 04 ක් දැවී ලකුණු 142 ක් රැස් කිරීමට සමත්වුණා.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම එම ඉලක්කය පසුකර ගියේ 18 වන පන්දුවාරයේදීයි. බිඳ වැටුණු කඩුළු සංඛ්‍යාව 03 ක්. පන්දු 62කදී නොදැවී ලකුණු 70 ක් රැස්කළ ශුබන් ගිල් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තා. 

IPL තරගාවලියේ තවත් තරගයක් සාජාහිදී අද (27) පැවැත්වෙනවා. ඒ, රාජස්ථාන් රෝයල්ස් සහ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම් අතරයි. 
 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here