Friday, April 26, 2024

General line - 0115112241

ලක්ෂ 400ක රත්‍රං සමග අයෙක් කොටු




රුපියල් ලක්ෂ 400 ක පමණ වටිනාකමකින් යුත් රත‍්‍රං තොගයක් සමග සැකකරුවෙකු පුත්තලම, පාලවිය කලපු තීරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පුත්තලම පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

සැකකරු, යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී පොලීසිය ඔහු නවතා පරීක්ෂා කර ඇති අතර එහිදී සැකකරු සන්තකයේ තිබූ කිලෝ ග‍්‍රෑම් 04 යි ග‍්‍රෑම් 485 ක බරකින් යුත් රන් කැබලි 21 ක් සොයා ගැනුණු බවයි පොලීසිය පැවසුවේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 47 හැවිරිදි පුත්තලම, නාගවිල්ලූව, පාලවිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු පුත්තලම මහේස්ත‍්‍රාත්වරයා හමුවට අද (27) ඉදිරිපත් කිරීමට නියමිතයි.