Friday, April 19, 2024

General line - 0115112241

20 ගැන මුස්ලිම් කොංග්‍රසයේ ස්ථාවරය




පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව සිය පක්ෂය ද හෙට (28) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකරන බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය පවසනවා.

එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි රාවුෆ් හකීම් මේ බව සදහන් කළේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව මේවනවිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 18ක් ගොනු කර තිබෙනවා. සමගි ජනබලවේගය, දෙමළ ජාතික සන්ධානය හා සිවිල් සංවිධාන ඇතුලූ පාර්ශ්ව කිහිපයක් ඉකුත්දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එම පෙත්සම් ගොනු කළා.

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සලකා බැලීම සදහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප‍්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ද ඉකුත්දා පත් කෙරුණා. අදාළ පෙත්සම් ලබන 29 වැනිදා සලකා බැලීමට නියමිතයි.