Saturday, April 20, 2024

General line - 0115112241

කොටුවේදී දුම්රියක් පීලි පැනීමෙන් දුම්රිය ප‍්‍රමාදයක්




කොළඹ - කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලී පැනීමට ලක්ව තිබෙනවා. 

ඒ හේතුවෙන් පස්වරුවේ ධාවනය වන දුම්රිය ගමන්වාරවල ප‍්‍රමාදයක් සිදුවිය හැකි බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ. 

මෙලෙස පීලී පැනීමකට ලක්ව ඇත්තේ මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක්. එම දුම්රිය පීලිගත කිරීමේ කටයුතු ආරම්භකර ඇති බව ද දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කළා.