Friday, March 29, 2024

General line - 0115112241

නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අත්අඩංගුවට




නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටට රැගෙන එන්නට ඇති බවට සැකකෙරෙන කහ කිලෝග‍්‍රෑම් 1024 යි ග‍්‍රෑම් 245 ක් අසුරා තිබූ ලොරි රථයක් මන්නාරම, පෙරියකර්සල් ප‍්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන තිබෙනවා. 

ඒ, ලද තොරතුරකට අනුව පේසාලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදීයි. 

පොලිස් නිලධාරීන් විසින් ලොරි රථය පරීක්ෂාවට ලක්කරන අවස්ථාවේදී එම කහ තොගය ලොරි රථය තුළ පොලිතීන් උර 29 ක අසුරා තිබූ බවයි පොලීසිය පැවසුවේ. ලොරි රථය පරීක්ෂා කරන අවස්ථාවේදී ඒ තුළ කිසිවෙකු සිට නොමැති අතර කහ තොගය මෙරටට ගෙන්වූයේ කවුරුන්ද යන්න ද මෙතෙක් අනාවරණ වී නැහැ. 

කෙසේවෙතත් ඊට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ කි‍්‍රයාත්මක බවයි පොලීසිය පැවසුවේ.