Saturday, April 20, 2024

General line - 0115112241

නීතිවිරෝධීව ගිනිඅවි නිෂ්පාදනය කළ කම්හලක් වටලයි




මඩු, සින්න - වලයන්කට්ටු ප‍්‍රදේශයේ පිහිටි ගිනිඅවි නිෂ්පාදනය කරන ස්ථානයක් වටලා ගිනි අවියක් සහ එම අවි නිෂ්පාදනය කිරීමට යොදාගත් උපකරණ රැසක්ද සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, පොලිස් විශේෂ කාර්යය බලකායේ පුලියන්කුලම කඳවුරේ නිලධාරීන් පිරිසක් සිදුකරන ලද වැටලීමකදීයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 25 හැවිරිදි සින්න - වලයන්කට්ටු, ඉරනේ - ඉලූප්පුකුලම් ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ගිනි අවි නිෂ්පාදනය කරන ස්ථානයේ තිබී සොයාගැනුණු භාණ්ඩ අතර මෙරට නිෂ්පාදිත ගිනිඅවියක්, එම අවි සෑදීමට භාවිත කරන විවිධ ප‍්‍රමාණයේ ලී අච්චු 03 ක්, විවිධ ප‍්‍රමාණයේ යකඩ බට 07 ක්, ඊයම් බෝල 22 ක්, බුරුමයක්, නියනක්, ගි‍්‍රල් කටුවක් සහ ග‍්‍රයින්ඩරයක් ද වූ බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.