Friday, March 29, 2024

General line - 0115112241

වැඩි මිලට පොල් වික්ක 56 කට නඩු




වටප‍්‍රමාණය අනුව පැනවූ පාලන මිල කඩකරමින් පොල් අළෙවි කළ වෙළදුන් 56කට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා. වැඩි මිලට පොල් අළෙවි කරන්නන් සොයා එම අධිකාරියේ නිලධාරීන් දීප ව්‍යාප්ත වැටලීම් ආරම්භ කළේ අද සිටයි.

මේ අතර ආර්ථික පීඩාවන්ට ලක්ව සිටින ජනතාව ඉන් මුදා ගැනීම සදහා නිසි වැඩපිළිවෙලක් ආණ්ඩුව සතුව නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හෙක්ටර් අප්පුහාමි පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියාසිටියේ පොල් මිල පාලනයට ආණ්ඩුව ගත් වැඩපිළිවලෙන්ද එය මනාව පැහැදිලි වන බවයි.  

වටප‍්‍රමාණය අගල් 12 ත් 13 ත් අතර පොල් සඳහා ගෙඩියක් සඳහා උපරිම සිල්ලර මිල ලෙස ප‍්‍රකාශයට පත් කර ඇත්තේ රුපියල් 65 ක්. වටප‍්‍රමාණය අගල් 13 ට වැඩි පොල් සඳහා ගෙඩියක් රුපියල් 70 ක් වන පරිදි උපරිම සිල්ලර මිල ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.