Thursday, April 25, 2024

General line - 0115112241

ඇමති නාමල් කියූ බවට සමාජ මාධ්‍යයේ පළවන පුවත අසත්‍යයි 




ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසූ බව කියන ප්‍රකාශයක් මේ වනවිට අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා.

එනම් "රුපියල් 100 ක් දීලා පොල් ගෙඩියක් මිලදී ගන්න බැරි මිනිස්සු රටේ නැහැ" යනුවෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළ බවට නෙත් නිවුස් වෙබ් අඩවියේ නම සහ ලාංජනය උපුටා දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවෙමින් පවතින පුවතකි.

කෙසේ වෙතත් මෙම ප්‍රකාශය සම්පූර්ණ සාවද්‍ය බවත්, එය කිසිවෙකු විසින් සිදු කරනා අසත්‍ය මඩ ප්‍රචාරයක් බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.

ක්‍රීඩා අමාත්‍යවරයා උපුටා දක්වමින්  nethnews.lk වෙබ් අඩවියද එවැනි පුවතක් පළකොට නොමැති අතර එය සම්පුර්ණයෙන් අසත්‍ය බැවින් මෙවැනි පුවත්වලට නොරැවටෙන ලෙස ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.