Tuesday, April 23, 2024

General line - 0115112241

ජනපති ගෝඨාභය ජෛව විවිධත්වය පිළිබඳ රාජ්‍ය නායක සමුළුව අමතයි




ස්වභාවික සම්පත් රැක ගැනීමට සහ තිරසාර කළමනාකරණයට ශී‍්‍ර ලංකා රජය කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. 

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 75 වන සැසිවාරයට සමගාමීව, නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති ජෛව විවිධත්වය පිළිබඳ රාජ්‍ය නායක සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින්. සමුළුවේ තේමාව වූයේ ”තිරසාර සංවර්ධනය සඳහා ජෛව විවිධත්වය පිළිබඳ ඉක්මන් කි‍්‍රයාමාර්ග” යන්නයි.

යුනෙස්කෝව ශී‍්‍ර ලංකාවේ මධ්‍යම ක`දුකරය හා සිංහරාජ වැසි වනාන්තරය ස්වභාවික උරුමයන් ලෙස නම් කර ඇති අතර තවත් ස්ථාන 06ක් තෙත් භූමි පිළිබඳ ”රම්සාර් ප‍්‍රඥප්තියෙන්” පිළිගෙන තිබෙනවා. අද්විතීය සහ සාරවත් ජෛව විවිධත්වයකට දායක වන එම ස්වභාවික සම්පත් ආරක්ෂා කිරිමේ භාරකරු ලෙස තමන් වගකීමෙන් කි‍්‍රයා කරන බවයි ජනාධිපතිවරයා එහිදී ප‍්‍රකාශ කළේ.

2030 තිරසාර සංවර්ධන න්‍යාය පත‍්‍රයේ හරය විය යුත්තේ ජෛව විවිධත්වය පිළිබඳ සංකල්පය බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී පෙන්වා දුන්නා. මෑත දශක කිහිපය තුළ ගෝලීය ජෛව විවිධත්වයේ ඇති වූ සීග‍්‍ර පරිහානිය මධ්‍යයේ වුව ද ජෛව විවිධත්වය පිළිබඳ සම්මුතියේ විස්තීර්ණ ජීව ගුණය රැුක ගැනීමට ශ‍්‍රී ලංකාව දැඩිව කැපවන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. 

සොබා දහම සහ මිනිසුන් අතර සබඳතාවය සහ සමකාලීන ගෝලීය පාරිසරික පාලනය අතර පරිවර්තනීය වෙනසක් සිදු කිරීමේ තීරණාත්මක අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.