Thursday, March 28, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂණය පිලිබඳ අර්බුධය අවසන් කිරිමට කැප වෙන්නැයි ජනපතිට ඉල්ලීමක්




අන්තර්ජාතික වශයෙන් ළමා දිනය සැමරීමේ සැබෑ අරමුණ අනුව කටයුතු කරමින්, ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂණය පිලිබඳ අර්බුධය අවසන් කිරිම සඳහා කැප වෙන ලෙසට ළමා හිංසනයට තිත පදනම විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කෙරුණා. ඒ අදට යෙදී ඇති ලෝක ළමා දිනය නිමිත්තෙන් ජනාධිපතිවරයා වෙත පෙත්සමක් භාර දෙමින්ය.

ශ්‍රී ලංකාව තුළ සෑම දෙක පැය දෙකකට වරක්ම ලිංගික අතවරයකට ලක්වන බවත් 2020 වර්ෂයේ මුල් මාස 06 තුළ වාර්තා වූ ළමා ලිංගික අපයෝජන සිද්ධින් 5292ක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂණය වෙනුවෙන් කැපවූ සංවිධානයක් වන " ළමා හිංසනයට තිත" පදනම ප්‍රකාශ කර සිටිනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ සිරවී ඇති ළමා අපයෝජන 20,000 කට අධික සංඛ්‍යාවක් බවයි එම සංවිධානය සඳහන් කරන්නේ.

ඔක්තෝම්බර් මස 01 වෙනිදාට යෙදෙන ලෝක ළමා දිනය දරුවන්ට සාමකාමිව වැඩිමට හැකි, අසීමිත ජයග්‍රහණ ළඟාකර ගත හැකි මෙන්ම, ගෝලීය පුරවැසියන් ලෙස පරාර්ථකාමී ලෙස කල් ගෙවීමට හැකි ප්‍රීතිමත් හා ආරක්‍ෂිත රටක සැමරුම් දිනයක් විය යුතු බව ළමා හිංසනයට තිත පදනම විශ්වාසය පළකර සිටිනවා.

1991 වසරේදී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිලිබඳ ප්‍රඥප්තියට (UNCRC) අත්සන් තැබුවේද රටේ ළමා පරපුර සෘජුවම ආරක්ෂා කරන බවට පොරොන්දු වෙමින්ය.

1998 අංක 50 දරන පනත මගින් ජාතික ළමා රක්ෂණ අධිකාරිය පිහිටිවුවද, ශ්‍රී ලංකාවේ තවමත් ළමා ආරක්ෂණය සුරක්ෂිත කෙරෙන නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර නොමැති බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

ලෝක ළමා දිනයට සමාගමිව " ළමා හිංසනයට තිත" පදනම නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ,