Tuesday, April 23, 2024

General line - 0115112241

සූදු ක‍්‍රීඩාවේ නිරත වූ නවගත්තේගම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකු ඇතුළු 09 දෙනෙකු අත්අඩංගුවට

ජූඞ් සමන්ත




මුදල් ඔට්ටු තබමින් සූදු ක‍්‍රීඩාවේ නිරත වෙමින් සිටි ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකු ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, නවගත්තේගස පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදීයි.

එම පිරිස නවගත්තේගම නගරයට ආසන්නයේ පිහිටි නිවසක් තුළ සූදු ක‍්‍රීඩාවේ නියැලෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. අදාළ සූදුපොළේ තිබී රුපියල් 63,000 ක මුදලක් ද පොලිස් භාරයට ගෙන ඇති බව ද පොලිසිය වැඩිදුරටත් සදහන් කළා.